බම්බලපිටිය කාසල් පටුමගේ මහල් නිවාස සංකීර්ණයක සිව්වන මහලේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
අද (14) පස්වරු 01.30ටා පාමන මෙම ගින්න හටගෙන තිබුණා.
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ හතරක් පැමිණ එම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.
අදාළ නිවසේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
