බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සොයා බලන්න ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක්

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට සිය කාරක සභාව සූදානම් බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මේ අනුව ඒ සදහා අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය සදහා පියවර ගන්නා ලෙසටයි ආදායම් බදු කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස් හපුආරච්චි මහතාට කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේ.

අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

‍රජයට ආදායම් ලබා දෙන ප්‍රධානතම ආයතනයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා හදුනාගනිමින් රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීමට සහ බදු ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය වී තිබුණා.

ආදායම් බදු එකතු කිරීම සදහා දැනට භාවිතා කරන RAMIS පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබද විමසා සිටි කාරක සභා සභාපතිවරයා පවසා සිටියේ මෙම පද්ධතියේ යාවත්කාලීන වීම් සමග කාර්ය මණ්ඩලයටද නිසි පහුණුවක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.

එසේම බැංකු පද්ධතිය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය යන ආයතන සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කඩිනමින් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව අවධාරණය කෙරුණා.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සදහා බදු ලිපිගොනු විවෘත කිරීමට අදාළ දත්ත පද්ධතියක් නිසි පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංගණනය සමග සම්බන්ධ වී අදාළ තොරතුරු රැස්කොට නිසි දත්ත පද්ධතියක් සැකසීමට පියවර ගන්නා ලෙසටයි කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේ.

මීට අදාළ තොරතුරු තාක්ෂණ විශේෂඥයන් මෙරටින්ම සපයා ගත හැකි බව පෙන්වා දුන් කාරක සභාව රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ හෝ මෙවැනි නිවැරදි දත්ත පද්ධතියක් සහිත ක්‍රමවේදයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබුවා. එසේම බදු ගෙවන්නන්ට ලිපි යැවීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන්‍ වෙනුවට ජංගම දුරකථනයට කෙටි පනිවුඩයක් මගින් දැනුම්දීම, ජංගම දුරකථන යෙදවුම් (Mobile App) හදුන්වා දීම වැනි නවීන ක්‍රමවේදයන්ට අනුගතවීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

එසේම ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම, සිදුවිය යුතු අදාළ නෛතික වෙනස්කම් ඇතුළු පවතින බාධා පිළිබදව වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙසද උපදෙස් ලබා දීම සිදු කෙරුණා.

තවද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) සකස් කිරීම සදහා ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව සම්බන්ධ කරගනිමින් වැඩමුළුවක් ද සංවිධානය කරන ලෙසටයි කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

රජයේ ආදායම වැඩිකිරීම ඇතුළු සාධනීය පියවරයන් නිර්දේශ කිරීම සදහා වන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අදාළ ආයතන පරිශ්‍රයන් වෙත ගොස් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම විමර්ශනය සිදු වී තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21