බද්දේගම, හල්පාතොට ත්‍රිත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් වලානෙන් අත්අඩංගුවට

බද්දේගම පොලිස් වසමේ හල්පාතොට ප්‍රදේශයේ දී පසුගිය 27 වනදා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් ආරම්භ කර ඇති විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම අපරාධයට ආධාර අනුබල දී ඇති මෙම සැකකරු හල්පාතොට ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු අවුරුදු 23ක කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26