spot_imgspot_img

බණ්ඩාරවෙල ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කෙරේ

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ ලැගුම්හලේ ඇඳක් මත මෙම කාන්තාව මියගොස් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඊයේ (23) සවස කැලණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් මෙම හෝටලයේ කාමරයක් ගෙන නතර වී ඇති අතර අද උදෑසන මෙම කාන්තාව එම කාමරයට පැමිණ තිබෙනවා.

අද සවස 4.30ට පමණ එහි සිටි පිරිමි පුද්ගලයා අසාමාන්‍ය ආකාරයෙන් එළියට යාම හේතුවෙන් ඇතිවූ සැකයක් මත හෝටල් සේවකයන් විමසිලිමත් වී තිබෙනවා.

කාමරයේ දොර විවෘත වී තිබෙනු දුටු සේවකයෙකු සිදු කළ සොයා බැලීමකදී ලේ පැල්ලම් දැක බණ්ඩාරවෙල පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බවටයි.

එමෙන්ම සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දියතලාව රෝහලට රැගෙන යාමට නියමිතයි.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
3
+1
5
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?