බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු එක්දින තරගාවලිය අතර මැද හදිසියේම ලංකාවෙන් යයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ සිමන්ස් ඊයේ (04) ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බවයි.

කළින් නියම කර ගත් වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් ඔහු මෙලෙස ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු එම ප්‍රතිකාරවලින් අනතුරුව ලබන 08 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගය වෙනුවෙන් ජුලි 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකරු නෆීස් ඉක්බාල් සඳහන් කළේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුට අද (05) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී කණ්ඩායම සමඟ රැඳීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආරම්භවීමට පෙර සිමන්ස් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡාකර ඊට අනුමැතිය ලබාගෙන තිබුණා.

ෆිල් සිමන්ස්ට පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් වෛද්‍යවරුන් හමුවීමට තිබුණ ද, චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ඔහුට එය මඟ හැරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
22
+1
3
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?