බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු එක්දින තරගාවලිය අතර මැද හදිසියේම ලංකාවෙන් යයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ සිමන්ස් ඊයේ (04) ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බවයි.

කළින් නියම කර ගත් වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් ඔහු මෙලෙස ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු එම ප්‍රතිකාරවලින් අනතුරුව ලබන 08 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගය වෙනුවෙන් ජුලි 07 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකරු නෆීස් ඉක්බාල් සඳහන් කළේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුට අද (05) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී කණ්ඩායම සමඟ රැඳීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආරම්භවීමට පෙර සිමන්ස් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡාකර ඊට අනුමැතිය ලබාගෙන තිබුණා.

ෆිල් සිමන්ස්ට පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් වෛද්‍යවරුන් හමුවීමට තිබුණ ද, චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ඔහුට එය මඟ හැරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39