බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78ඤ ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුණා.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තා.

දෙරට අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 247ක් සියල්ලන් දැවී රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 458ක්.

අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 211ක් පිටුපසින් ඉඳිමින් දෙවන ඉනිම ක්‍රියාත්මක කළ බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 133 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

මෙහිදී බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ජය මාවත විවර කළා.

ඒ, අනුව මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 78 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස හැකියාව ලැබුණා.

මේ අතර දෙරට අතර ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දෙවන තරගයේ වීරයා ලෙස සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
16
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?