පෝලිම් නැති, තරුණ පරපුරේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැඟීම අරමුණයි – ජනපති

පෝලිම් නැති සහ තරුණ පරපුරේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාපධිතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල – දියත උයනේ එළිමහන් රංග පීඨයේ දී ඊයේ (08) රාත්‍රියේ පැවැති Open Mic Night තරුණ සංගීත වැඩසටහනට සහභාගී වෙමින්.

තරුණ තරුණියන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් ජනාධිපතිවරයා ඔවුන් ඇසු ප්‍රශ්නවලට ද සාධනීය පිළිතුරු ලබා දුන්නා.

ඔබ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ජනාධිතිවරයා එහිදි තරුණයෙකුගෙන් ප්‍රශ්න කළ අතර එම තරුණයා ප්‍රකාශ කළේ තමාට සැප සේ සිටිය යුතු බවයි.

රටේ තරුණ තරුණියන්ට සැපෙන් සිටීමට නම් රට ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හොද ආර්ථිකයක් ගොඩනැගීමේ වගකීම තමා භාරගන්නා බවද අවධාරණය කළා.

නැවත පෝලිම්වල සිටිය නොහැකි බවට මෙහිදී තරුණයෙකු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ තම පාලනයක් යටතේ මේ රටේ තරුණ තරුණියන්ට නැවත සිටීමට සිදුවන්නේ සිනමා පෝලිම්වල පමණක් බවයි.

නෙට්ෆ්ලික්ස් අවශ්‍ය බවට තරුණයෙකු මෙහිදී සිදු කළ ප්‍රකාශයට ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දෙනු ලැබුවා.

“නෙට්ෆ්ලික්ස් අරන් දෙන්නම්. ඒත් ඇයි කාටවත් බැරි ලංකාවේ ෆිල්ම් එකක් නෙට්ෆ්ලික්ස් දාන්න කාට හරි බැරිද squid game වාගේ එකක් දාන්න? එහෙමත් නැත්නම් House of Cards. නැත්නම් තව එකක් තිබෙනවා designated survivor. අන්තිමට ඉදිරිපත් වුනේ කවුද? විපක්ෂය දිහා බැලුවම මම බලන්නේ Chariots of Fire දාන්න.”

වසර දෙකකට පෙර තමන් රට භාරගත් අවස්ථාවේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම ණය බර සමඟ තවදුරටත් ඉදිරියට ගියහොත් රටේ ආර්ථිකය කඩා වැටෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන් බවද කියා සිටියා.

ඒ, අනුව දේශීය බැංකු හරහා ද ණය ලබා නොගන්නා ලෙසත්, මුදල් මුද්‍රණය නොකරන ලෙසත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දුන් බවත් එම තත්ත්වය හමුවේ රාජ්‍ය ආදායම් උපයා ගැනීම වෙනුවෙන් වැට් බදු වැඩි කිරීමට තමාට සිදුවූ බවත් ජනාධිපතිවරයා පැවසුවා.

එම කටයුතු සිදු නොකළා නම් රට අද තිබෙන තත්ත්වයට පත් කිරීමට නොහැකි වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17