පොහොය දිනයේ සරණක් පතා ගෙවත්තට ආ තිත් මුවා

හිසෙහි බරපතළ තුවාලයක් සහිතව ගෙවත්තකට පැමිණ සිටි තිත් මුවකු තම භාරයට ගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඊයේ පියවර ගෙන තිබෙනවා.

දුරුතු පොහොය යෙදී තිබූ ඊයේ දිනයේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණ සිටියදී යි එම තිත්මුවා වනජීවී නිලධාරීන් විසින් අල්ලා ගෙන තිබුණේ.

ඒ එම නිවැසියන් විසින් ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

මෙලෙස තුවාල ලබා සිටි තිත් මුවා වයස අවුරුදු තුනහමාරක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

එම තිත් මුවාගේ හිසෙහි කල්ගිය බරපතල තුවාලයක් තිබී ඇති අතර එය මීට කාලයකට පෙර සිදුව ඇති එකක් බවට වනජීවි නිලධාරීන් අනුමාන කරනවා.

තුවාලය හේතුවෙන් රෝගාතුරව සිටි එම තිත් මුවාගේ දිවි බේරා ගැනීම සදහා කඩිනම් ප්‍රතිකාර අවශ්‍යව තිබූ අතර එම තිත් මුවා අල්ලා ගැනීමෙන් පසු පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා කඩිනමින් ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් භාරදීමටයි ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චානක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි..ඕනෑම ආණ්ඩුවකින් කැබිනට් එකට හිරේ යන්න වෙනවා
06:47
Video thumbnail
ආණ්ඩුව බරපතළ පටලවා ගැනීමක ඉන්නේ..වංචනික ක්‍රියාමාර්ගයක් වෙලා - පුබුදුගෙන් විශේෂ ප්‍රකාශයක්
06:03
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පරීක්ෂා කරයි
01:11
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදිසියේම පරීක්ෂා කරයි
03:00
Video thumbnail
ලංකාවට වෙන්න යන මහ විනාශය මෙන්න..සුජීව එකින් එක හෙළිකරයි..රට පාලනය කරන්නේ කළු කඩ කාරයෝ
07:27
Video thumbnail
මාධ්‍යවේදීන්ට පොලිසියෙන් තර්ජන - මට ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන සැකයි..
02:02
Video thumbnail
රාජපක්ෂලා හොරකම් කරපුවා ලාල්කාන්ත ගාවද තියෙන්නේ ?..මාලිමාවේ 159 විතරක් පෝසත්වෙලා හරියන්නේ නෑ
04:20
Video thumbnail
මහින්දගේ වත්කම් බැරකම් නාමල් හෙළිකරයි ?අපිට හංඟන්න දෙයක් නෑ..
01:59
Video thumbnail
ජොන්ස්ටන් බලලා අවුරුද්දට සුබ පතන්න ආ නාමල්..ජනපති මේකට වගකියන්න ඕනි..මේකේ පාඩුව කාටද ?
03:08
Video thumbnail
අපේ මීළඟ ආණ්ඩුව යටතේ ඔයාලා සිරගෙවල්වල ඉන්න සූදානම් වෙන්න..අපි කියන්නේ බොරු නෙවෙයි
02:33