Fly high Get bonus Aviator Phone

පොලිසියට ගොඩ එන්න නාවික හමුදා සහාය

විශේෂ මෙහෙයුමක් සඳහා ගොස් සිටියදී කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙන් සිර වී සිටි පොලිස් කණ්ඩායමක් ආරක්‍ෂිතව නැවත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

දෙමෝදර රක්ෂිතය ප්‍රදේශය වෙත ගොස් එහි සිරවී සිටි පොලිස් කණ්ඩායමක් මොණරාගල දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමඟ කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙනුයි සිරවී සිට ඇත්තේ.

ඒ අනුව එම නිලධාරීන් කුඹුක්කන් ඔය හරහා නැවත ආරක්ෂිතව රැගෙන ඒමට අද උදෑසන නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා.

මෙහෙයුමක් සඳහා දෙමෝදර රක්ෂිතය වෙත ගොස් සිටි ඔක්කම්පිටිය පොලිසියේ කණ්ඩායමක් නැවත පැමිණීමට නොහැකිව රක්ෂිතය තුල සිරවී සිටින බවත්, එම පිරිස නැවත රැගෙන ඒම සඳහා සහය ලබා දෙන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙතින්, නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර තිබුණා.

එම දැනුම් දීමට අනුව නාවික හමුදාධිපතිගේ උපදෙස් මත නාවික හමුදා සාමාජිකයන් 08 දෙනෙකු සහ යාත්‍රා දෙකකින් සමන්විත කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් අද උදෑසන එම විශේෂ කණ්ඩායම, අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගැලූ කුඹුක්කන් ඔය හරහා ආරක්‍ෂිතව නැවත රැගෙන ඒමට අවශ්‍ය සහාය ලබා දුන් බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?