පොංගල් පූජාවක් තියන්න ආ මන්ත්‍රී නිසා කුරුන්දි පුදබිම උණුසුම් වෙයි (ඡායාරූප)

මුලතිව් – කුරුන්දි විහාරස්ථානයේ අද (18) දින පොංගල් පූජාවක් පැවත්වීමට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් ඊට ඇතුළු වී තිබෙනවා.

ඒ, සමඟ කුරුන්දි විහාරයේ දායකයින් සහ එම පිරිස අතර, උණුසුම් තත්ත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට ද මැදිහත් වීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව, කුරුන්දි විහාර භූමියේ පොංගල් පූජාවක් පැවත්වීමට පැමිණි තිබෙනවා.

එම අවස්ථාවේ දී විහාරයේ දායකයින් ඊට විරෝධය පෑමත් සමඟ දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින්, අධිකරණ නියෝගය හේතුවෙන් පොංගල් පූජාව පැවැත්වීමට අවස්ථාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉදිරියේ දී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා සිදුනොකරන ලෙසට මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට දැනුම් දුන් අතර, එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැණ වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්ත්වය පාලනය කර පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පූජාව පවත්වා විසිර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ අධිකරණ තීන්දුවලට එරෙහිව කුරුන්දි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් භියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවයි සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05