පෙම්වතා සොයා පෙම්වතාගේ ගෙදර ආ 10 වසරේ සිසුවිය පොලිස් භාරයට – පෙම්වතා අත්අඩංගුවේ

වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් භාරකාරිත්වයෙන් පැහැරගෙන ගොස් ඇයව දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පෙම්වතෙක් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල – දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

තම භාරයේ සිටි මිණිපිරිය නිවසින් අතුරුදහන්ව ඇති බවත්, ඇය ලුණුවිල ප්‍රදේශයේ නිවසක සිටින බවටත් මාරවිල, කටුනේරියේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක කාන්තාවක් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයේ දී අදාළ 10 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන පාසල් සිසුවිය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඇයගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකාර තරුණයා තමන් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්, මීට මාස 06 කට පමණ පෙර දිනයක දී ඔහු, තමන් පදිංචි කටුනේරිය නිවසේ දී තමා සමඟ අඹු – සැමි ඇසුරක් පැවැත් වූ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

පාසල් යාමට අවශ්‍ය නිල ඇදුම් සදහා රෙදි මිලදී ගැනීමට බව පවසා නිවසින් පිටත්ව පැමිණ තමන් පෙම්වතා සොයා ගෙන ඔහුගේ නිවසට ගිය බව ද සිසුවිය පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

පොලිස් භාරයට ගත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර පෙම්වතා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
14
+1
3
+1
7
+1
7
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53