පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපයේ පමණක් සංචාරකයන් 26,000ක්

මෙම මාසයේ මේ දක්වා සංචාරකයින් 26,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,506ක් පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මේ දක්වා රුසියානු ජාතිකයින් 6,619 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර, සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ ඉන්දියාවෙන් සංචාරකයින් 3,462 ක්, එක්සත් රාජධානියෙන් 2,269ක්, ජර්මනියෙන් 1,988ක් සහ ප්‍රංශයෙන් 1,590ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 102,545ක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙය 2022 වසරේ මාර්තු මාසයෙන් පසු එක් මාසයක දී පැමිණි වැඩිම සංචාරකයන් පිරිස ලෙසටයි සැලකෙන්නේ.

2022 වසරේ දී ශ්‍රී ලංකාවට සමස්ත සංචාරකයින් 719,978ක් පැමිණ තිබෙනවා.

ආර්ථික අර්බුදය, විරෝධතා සහ වෙනත් කරුණු හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට සංචාරක පැමිණීම් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, නව පාලනයක් ස්ථාපිත වීමෙන් අනතරුව, පසුගිය කාර්තුවේදී සිට සංචාරක පැමිණීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
19
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?