පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානයට පැතුම්ගේ නමත්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව සුපුරුදු පරිදි ක්‍රීඩකයින් තිදෙනෙක් මේ සඳහා නිර්දේශකර තිබෙනවා.

ජගත් ක්‍රිකට් පිටිය තුළ පසුගිය පෙබරවාරි මාසයේ දී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම් කරගෙන මෙම නම් තුන ප්‍රකාශයට පත්කළ බවයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, ඉන්දීය ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් සහ නවසීලන්ත මුල්පෙළ පිතිකරුවක්වන කේන් විලියම්සන් මෙලෙස නම්කර ඇති ක්‍රීඩකයින් තිදෙනායි.

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති එක්දින තරගාවලියේ දී දැක් වූ දක්ෂතා පදනම්කරගෙන පැතුම්ගේ නම මෙම නිර්දේශිත නාමයන් අතරට එක්කර තිබෙනවා.

එමෙන්ම එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දැක්වූ සුවිශේෂී දක්ෂතා මත ඉන්දීය ක්‍රීඩක යෂස්වි ජයිස්වාල් පෙබරවාරි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිර්දේශ කර ඇති ක්‍රීඩකයින් තිදෙනා අතර අයත්.

මීට අමතරව දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තුළ නවසීලන්ත අංක 03 පිතිකරු කේන් විලියම්සන් දැක්වූ දක්ෂතා මත ඔහු මෙම නිර්දේශිත නම් තුනට ඇතුළත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23