සෝලාර් පැනලය මගින් විදුලි නිෂ්පාදනය කරන පුද්ගලයින්ගේ සංගමය වන පුනර්ජනනීය බල ශක්ති සංවර්ධන පෙරමුණ, මැති ඇමැතිවරුන්ට තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත්කිරීමට අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් තිබෙනවා.
එම සංගමයේ සභාපති රුවන් චාමරගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමතිවරුන් හමුවී ඔවුන් සමග සාකච්ඡාවක නිරත වූ බවටත් වාර්තාවෙනවා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පුනර්ජනනීය බල ශක්ති පෙරමුණේ සභාපති රුවන් චාමර, දැනටමත් නවතා ඇති වහල මත සෝලා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස තම සංගමය ඉල්ලා සිටින බවට අවධාරණය කළා.
ඒ වගේම අයවැයෙන් සහන ලබාදී ඇති බවට ප්‍රකාශ කළත්, ඇත්ත වශයෙන්ම තමන්ට කිසිදු සහනයක් ලබාදී නොමැති බවත් ඔහු ප්‍රකාශ කරනවා.
ඒ වගේම තම සංගමයේ සාමාජිකයන් පිරිසක් අද ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මැති ඇමතිවරුන් හමුවෙන්න පාර්ලිමේන්තු ගිය බව ප්‍රකාශ කරන රුවන් චාමර, පසුගිය සැප්තැම්බර් 11 වැනි දින නිකුත් කළ ගැසට් එක මගින් සූර්ය බල ශක්ති ක්ෂේත්රයට කන කොකා හඬන්න පටන් ගත් බවටත් චෝදනා කරනවා.
ජනාධිපතිවරයා අයවැය මගින් සහන දෙනවා කියලා ප්‍රකාශ කළ බවත්, එම සහන ක්‍රමවේදය දැනගන්න තම සංගමය පාර්ලිමේන්තු මැති ඇමතිවරු හමුවෙන්න ගිය බවත් ඔහු පෙන්වා දෙනවා.
ඒ වගේම මැති ඇමැති පිරිස් තම දුක්ගැනවිල්ලට සාවධානය ඇහුම් කන් දුන් අතර, නිවැරදි පිළිතුරක් ලබාදෙන බවට පොරොන්දුවු බවටත් ඔහු ප්‍රකාශ කරනවා.
ඒ වගේම සෝලාර් පැනල් මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට අයවැයෙන් සහන ලබාදී තිබුණත්, තමන්ට ඇත්තටම සහනයක් ලැබිලා නොමැති බවත් රුවන් චාමර අවධාරණය කරයි.
බැටරි වලට සීයට දහයක් දීලා තිබුණ්ත, ඒකෙන්ම ප්‍රශ්නෙ විසදෙන්නේ නොමැති බවත්, අනෙක් අතට සීයට 47ක් බැටරි වලට බදු අය කරන බවත් සඳහන් කරනවා.
