පුත්තලම – කල්අඩියේ ග්‍රීඩ් විදුලි උප පොළේ වෙඩි තැබීමක්

පුත්තලම – කල්අඩියේ පිහිටි විදුලිය බෙදාහැරීමේ ග්‍රීඩ් උප පොළට අනවසරයෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයෙකුට එම ස්ථානයේ ආරක්ෂක නිලධාරියා විසින් වෙඩි තබා තිබෙනවා.

පුත්තලම පොලීසිය පවසන්නේ අද (08) අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

කිසියම් අයෙකු ග්‍රීඩ් උප පොළට හොර රහසේ ඇතුළු වීමට උත්සාහ කළ බවත්, තමන් එම පුද්ගලයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබූ බවත් ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ ලේ පැල්ලම් කීපයක් දක්නට ඇති බවත්, ඒ අනුව කිසියම් අයෙකුට වෙඩි වැදීම සිදුවී ඇති නමුත් එම පුද්ගලයා පලාගොස් ඇති බව පොලීසිය සැකපළ කරනවා.

වෙඩි වැදීමකින් තුවාල ලබා ඇති අයෙකු ප්‍රතිකාර ලබාගැනීම සඳහා පුත්තලම හෝ අවට රෝහලට ඇතුළත් වී නොමැති බවද පොලීසිය පවසනවා.

සිද්ධිය පිළිබඳව පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25