පැහැරගත් බව කියූ වැලිගම මන්ත්‍රී ජෝඩුව පළමුවරට මාධ්‍ය ඉදිරියට (වීඩියෝ)

පැහැරගත් බව කියූ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා ඊයේ (05) පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

ඒ, අදාළ පැහැරගත් බව කියන සිදුවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි.

වැලිගම දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය පැවසුවේ, සිද්ධිය ඇසින් දුටු බව පවසමින් පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළ කළ කාන්තාව මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පෙර සිටම දැන සිටි බවට සැකයක් පවතින බවයි.

පසුගිය ජුනි 27 වනදා පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පෙර ජාතික ජන බලවේගයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
18
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?