පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් වූ සංවිධාන 5ක තහනම ඉවතට

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 11න් පහක තහනම රජය විසින් ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසිනුයි නිකුත් කර ඇත්තේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජූලි 26 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එක්සත් තව්හීද් ජමාත්, ලංකා තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදිය යන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 250කට අධික පිරිසක් මරුමුවට පත් වීම සමග එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි නීති රෙගුලාසි යටතේ ජාතික තව්හීද් ජමාත් (NTJ) සහ ශ්‍රී ලංකා ජමාතේ මිල්ලතු ඊබ්‍රහීම් (JMI) සංවිධානය තහනම් කරනු ලැබුවා.

2021 අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වැනි වගන්තිය යටතේ සංවිධාන 11ක් තහනම් කර තිබුණා.

පසුව ආරක්ෂක අමාත්‍යාංශය සංවිධාන පහකට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීම සහ ජාතීන් අතර ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් මෙම කණ්ඩායම් පහට පනවා තිබූ තහනම ඉවත් කළ බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Special Gazette scaled
WhatsApp Image 2023 07 27 at 19.07.00


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12