පාඩු ලබන රජයේ මාධ්‍ය ආයතන ලාභ ලබන ආයතන කරන්න අවධානය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනය, සැලසිනේ රූපවාහිනී ආයතනය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අවධානය යොමුව තිබෙනවා.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි පාරිලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් සැලසිනෙ ආයතනය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, එම ආයතනය යම් යම් දැන්වීම් බාහිර පාර්ශ්ව වෙත ලබාදී නිෂ්පාදනය කරගැනීම සහ කැමරා උපකරණ කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව අමාත්‍යවරයා විසින් නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ අභ්‍යන්තර වෘත්තිකයින්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවත් ඊට හේතුව සුදුසුකම් රහිත පුද්ගලයින් සේවයේ සිටීම බවයි.

එසේම බාහිර පාර්ශ්ව වෙත ලබාදී නිෂ්පාදන සිදුකිරීම ලාභදායී බවත් නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අතිරික්ත සේවකයින් මෙම සියලුම ආයතනවලින් ඉවත් කිරීමට අවදානය යොමුකර ඇති බවයි.

එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වයේ නොපැවතීමත් එය ලාභ ලබන ආකාරයට පරිවර්තනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර එම ආයතනයේ ද අතිරික්ත සේවක සංඛ්‍යාව ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනයේ වර්තමාන ක්‍රියාකාරිත්වය සහ එම ආයතනය ලාභදායී තත්ත්වයට පත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු ඇති බව සඳහන්.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යන ආයතනවල වාර්ෂික වාර්තා අනුමත කිරීම ද මෙහිදී සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?