AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට මාර්තුවේ සිට දිවා ආහාරය

මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන්ට එළඹෙන මාර්තු මාසයේ සිට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

රජය ඒ වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව දිනකට එක් සිසුවෙක් වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක්.

මේ අතර 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අද (01) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?