ප්‍රසූත කළ බිළිඳා රෝහලේ සිටිය දී මවගේ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන

දින දෙකකට පෙර දරුවෙකු ප්‍රසූත කළ මවකගේ මළ සිරුර තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබිය දී අද (28) සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ .

මෙලෙස සොයාගෙන ඇත්තේ රන්න, තලුන්නේ ප්‍රදේශයේ පදිංචිව සිටි සන්දීපා රුවනි නමැති 33 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළ සිරුරක්.

මෙම කාන්තාව පසුගිය මීට දින දෙකකට පෙර තංගල්ල මූලික රෝහලේ දී දරුවෙකු ප්‍රසූතකර තිබෙනවා.

දරුවා බිහි කිරීමෙන් පසු මෙම මව රෝහලේ රැඳී සිට ඇති අතර, එලෙස රැඳී සිටි ඇය අද (28) අලුයම තුනට පමණ රෝහලෙන් අතුරුදන්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය ප්‍රසූත කළ බිළිඳා වාට්ටුවේ තනිව සිටින බව දුටු එහි හෙදියන් මව සම්බන්ධයෙන් සොයාබලා ඇති අතර, එහෙත් ඇයව සොයාගැනීමට හැකි වී නැහැ.

කෙසේ වෙතත් අද (28) උදෑසන මෙම කාන්තාවගේ මළ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී මෙලෙස සොයාගෙන තිබෙනවා.

රෝහල් බලධාරීන් සැක පළ කරන්නේ පසු ප්‍රසව විශාදිය හේතුවෙන් ඇය සියදිවි නසාගෙන මිය යන්නට ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29