ප්‍රධාන මත්පැන් සමාගම් 9කින් කෝටි 964ක බදු පොල්ලක් (වීඩියෝ)

අපේ රටේ වැසියන්ට 2024 නව වසර උදාවුණේ සාහසික වැට් අභියෝගයත් සමගයි.

ඒ, දිළිඳු බවේ පතුලේ ගිලී සිටින මිනිසුන්ට මෙන්ම පාලකයන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය විසින් අලුතෙන් දිළිඳුබවට ඇද දමන ලද ලක්ෂ විසිහතක් මිනිසුන්ගේ හිස් මත කිසිදු අනුකම්පාවකින් තොරව වැට් බරත් පටවා තිබීම නිසාවෙන්. ඊට විකල්ප නැද්ද ? මේ ඒ ගැන කෙරෙන විමසීමක්.

මේ වසර ආරම්භයේ සිට වැට් සංශෝධනය කිරීම මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන ආදායම රුපියල් කෝටි 72,000ක්.

රටේ දිළිඳුම පුරවැසියාගෙන් පවා වැට් එකතු කරගන්නට සැලසුම් කරන රජය, 2023 වසරේ ජුනි මස 30 වැනිදා වනවිට මෙරට ඉහළම ධනපතීන්ගෙන් අයකර ගැනීමට අසමත් වූ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 90,400ක්.

ඊට අමතරව ඉහළ පෙළේ ව්‍යපාරිකයින් මෙරට රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ගෙවීම පැහැරහැර ඇති මුදල රුපියල් කෝටි 70,000ක්.

අය කර නොගත් රුපියල් කෝටි 90,400න් රුපියල් කෝටි 57,200ක සමාගම් බදු රහසිගතව කපා හැරීමට රජය තීරණය කර තිබුණේ, කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින්.

මහා පරිමාණ සමාගම් විසින් පාරිභෝගිකයාගෙන් වැට් ලෙස අයකර රජයට නොගෙවා පැහැර හැර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 27,600ක්.

මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගම් 9ක් රජයට ගෙවීම පැහැරහැර ඇති සුරා බදු ප්‍රමාණය පමණක් රුපියල් කෝටි 964ක්.

ඒ අතර මහබැංකු බැඳුම්කර ආයෝජකයෙක් ලෙස ප්‍රකට අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගම පැහැරහැර ඇති සුරා බදු ප්‍රමාණය රුපියල් කෝටි 342ක්.

එසේම වැට් වැඩි කිරීමට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටිලරීස් සමාගම පැහැරහැර ඇති සුරා බදු ප්‍රමාණය රුපියල් කෝටි 80ක්.

ඒ සමගම රාජ්‍ය බැංකුවලට ණය නොගෙවා පැහැර හැර සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින් අතර ද මෙරට දේශපාලනට සම්බන්ධ රටේ ප්‍රතිපත්ති තීරකයින් රැසක් සිටින බව පසුගිය දා රාජ්‍ය බැංකු වෘත්තීය සමිති අනාවරණය කළා.

රාජ්‍ය බැංකුවලට ණය නොගෙවා සිටින වැට් වැඩිකිරීම වෙනුවෙන් පෙනී සිටි එක් පාර්ලිමේන්තු නියෝජිතයෙක් වර්ජින් දූපත්වල පිහිටි අක්වෙරළ සමාගම් හිමිකරුවෙක් බව පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ වුණා.

දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බව රටේ ජනාධිපතිවරයා යළි යළිත් අවධාරණය කරන්නේ, මේ සියලු වංචා මෙරට‌ ජනතාවගෙන් වසං කරමින් නොවේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39