ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් – ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16කට නායයෑම් රතු නිවේදන

ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහවැලි ගඟ අසල පහත් බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මඩකලපුව-පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ලේ, සෝමාවතිය රජමහා විහාරයට පිවිසෙන මාර්ගයේ සහ සෝමාවතිය විහාරස්ථානය අවට ප්‍රදේශවල ද සුළු ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපය පසුවන තෙක් පුදබිමට පැමිණෙන බැතිමතුන් ඒ පිළිබද සැළකිළිමත්ව පසුං ලෙසයි.

මෙම කලාපවල මහවැලි ගඟ අසල ජීවත් වන පදිංචිකරුවන්ට ද ප්‍රවේශම් වන ලෙස උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව රත්නපුර, තල්ගහගොඩ/ඌරාව සහ මනම්පිටිය ප්‍රදේශයෙන් කළු, නිල්වලා සහ මහවැලි ගංගා දැනට “අනතුරු ඇඟවීමේ” මට්ටම්වල පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අධික වැසි සමඟ මහනුවර ප්‍රදේශයේ මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29