උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද නිවේදනයේ සඳහන්.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.










