පල්ලෙකැලේ සිර කඳවුරෙන් පැන්න රැඳවියෙක් මහවැලියේ ගිලී අතුරුදන් වෙයි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු නීත්‍යනුකූල අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට පැන පලායන අවස්ථාවේ දී ගඟේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රැඳවියා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමක් සම්බන්ධ වරදකට බන්ධනාගාර ගතව පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

දියේ ගිලීමෙන් අතරුදන් වූ රැඳවියා සොයා පොලිසිය සහ නාවික හමුදාවේ කණ්ඩායමක් මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?