පඬුවස්නුවර ප්‍රා.සභාවේ බලය පිහිටුවද්දී පදක්කමේ මන්ත්‍රී එළියට දාලා

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (13) සිදුවුණා.

සභිකයින් 38 දෙනෙකු මෙම ප්‍රදේශීය සභාව වෙනුවෙන් තෝරා කරගෙන ඇති අතර, ජාතික ජන බලවේගයට සභිකයින් 19 දෙනෙකු සහ විපක්ෂයේ පක්ෂ අතර ද බෙදීගිය සභික සංඛ්‍යාවද 19ක්.

ඒ, අනුව රහස් ඡන්දයකින් මෙම ප්‍රදේශීය සභාවේ බලය පිහිටුවන පක්ෂය හෝ කණ්ඩායම තොරාගැනීමට සිදුවුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී එම ප්‍රාදේශීය සභාවට සර්ව ජන බලයෙන් තේරී පත් වූ සභිකයාගේ නම ගැසට් කර නැති බව පවසමින් එම මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුරුව රහස් ඡන්ද විමසීම පැවැති අතර, ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරග කළ සභිකයාට ඡන්ද 19ක් ලබාගත් අතර, සමගි ජන බලවේගයෙන් තරඟ කළ සභිකයාට ඡන්ද 18ක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
48
+1
1
+1
1
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?