Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නොසැලකිලිමත්කම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීම සාමූහික වගකීමක් බවට පොලීසියෙන් නිවේදනයක්

මානව දෝෂ, නොසැලකිලිමත්කම සහ නොසැලකිල්ල නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීම, ජීවිත ආරක්ෂා කිරීම සඳහා වූ සාමූහික වගකීමක් බවට ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර තිබෙනවා.

මෑත කාලීනව, රටේ විවිධ ප්‍රදේශවලින් අනපේක්ෂිත සහ ඛේදනීය අනතුරු මෙන්ම විපත් පිළිබඳ වාර්තා ලැබී තිබෙන බවත්, නිවාස, නේවාසික පරිශ්‍ර, පාසල්, ආගමික ස්ථාන, වාණිජ ආයතන, පොදු ආයතන සහ කර්මාන්තශාලා වැනි ස්ථානවල සිදුවන මෙවැනි බොහෝ සිදුවීම්, ස්වාභාවික හේතු මත පමණක් නොව, මානව දෝෂ, නොසැලකිලිමත්කම සහ වගකීම් විරහිත හැසිරීම් හේතුවෙන් ද සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවටත් පොලීසිය ප්‍රකාශ කරනවා.

ස්වාභාවික හේතු නිසා නොව, මානව නොසැලකිල්ල මත සිදුවන අනතුරු, අපරාධ ක්‍රියා, නොසැලකිලිමත් හැසිරීම් හෝ රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටින බවටත්, කෙසේ වෙතත්, නිසි සැලසුම්කරණය, දැනුවත්භාවය, විමසිලිමත් බව සහ කාලෝචිත පූර්වාරක්ෂක පියවර ගැනීම තුළින්, ජීවිත හා දේපළ හානි ඇතුළත් මෙවැනි ඛේදනීය සිදුවීම් බොහෝමයක් වළක්වා ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

යන්ත්‍ර සූත්‍ර අනාරක්ෂිත ලෙස ක්‍රියාත්මක කිරීම හරහා මිනිස් ජීවිත අනතුරේ හෙළීම, තුවාල හෝ හානි සිදු කිරීම, එසේත් නැතිනම් ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමට අපොහොසත් වීමෙන් අනතුරුදායක තත්ත්වයන් නිර්මාණය කිරීම වැනි නොසියලුම පුරවැසියන්, සේවා යෝජකයින්, දේපළ හිමියන්, ආයතනික බලධාරීන් සහ අනෙකුත් වගකිවයුතු පාර්ශ්වයන් තම රාජකාරි කඩිසරව ඉටු කිරීමට, සුපරීක්ෂාකාරීව සිටීමට සහ වළක්වා ගත හැකි අනතුරු අවම කිරීමට සහ මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට සුදුසු වැළැක්වීමේ පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත්, පොලිස් දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කරනවා.