අද (20) දිනයේදීත් පස්වරු 4:30 සිට රාත්රී 8:30 දක්වා කාලය තුළ රට කලාප හතරකට බෙදා, එක් එක් කලාපය සඳහා පැයක කාලයක් බැගින් විදුලි සැපයුම කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ප්රකාශ කරනවා.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ඇති විදුලි ජනක යන්ත්රවලින් එකක් අනිද්දා වන විට නැවත පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම පවසන්නේ.
ඒ අනුව, ඊයේ (19), අද (20) සහ හෙට (21) යන දින තුන තුළ දී දිවයින පුරා කලාප හතරක් යටතේ පැයක කාලයක් බැගින් විදුලි සැපයුම කළමනාකරණය කෙරෙනවා.
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනක යන්ත්ර තුනක් අක්රිය වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 810ක්.
එබැවින්, ජාතික විදුලි පද්ධතියට අවශ්ය මෙගාවොට් ධාරිතාව සපුරාලීම සහ පද්ධතියේ සමබරතාව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුම කළමනාකරණය කිරීමට මෙලෙස පියවර ගෙන තිබෙනවා.
