නෙදර්ලන්තයට පැරදුණු ඉතාලිය 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට පළමු වරට සුදුසුකම් ලබන්නට ඉතාලි කණ්ඩායමට ඊයේ (11) හැකියාව ලැබුණා.

ඊයේ පැවති තරගයේ දී නෙදර්ලන්තය හමුවේ පරාජයට පත් වුවද, ඉතාලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2026 පිරිමි පන්දුවාර 20-20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.

ලකුණු 135ක ඉලක්කයක් පහසුවෙන් හඹා ගිය නෙදර්ලන්තය ද මෙම තරඟය ඉතාලියට එරෙහිව ජයගත් අතර, පන්දුවාර 20-20 ලෝක කුසලානයේ අවසන් සංස්කරණ හතරේදීම සහභාගී වූ ස්කොට්ලන්තය, ඊයේ ජර්සි කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවේදී පරාජයට පත්වීමෙන් පසු තරගාවලියෙන් ඉවත් වුණා.

ජර්සි කණ්ඩායම ස්කොට්ලන්තය පරාජය කළ ද නෙදර්ලන්තය ඉතාලිය පරාජය කිරීමෙන් පසු ජර්සි කණ්ඩායමට ද ලෝක කුසලානයෙන් ඉවත්වීමටයි සිදු වුණේ.

ඉතාලිය සහ ජර්සිකණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 05 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවුවද, ඉතාලි කණ්ඩායමේ ඉහළ දළ ලකුණු අනුපාතය හේතුවෙන් ඉතාලිය 2026 පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුකම් ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?