නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම යෝජනා වූ හැටි යුද හමුදාපති හෙළිකරයි

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් නිවසේම රඳවා ප්‍රතිකාර කිරීමේ යෝජනාව ඉදිරිපත් වූ ආකාරය පිළිබඳව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (17) පැහැදිලි කිරීමක් සිදු කළේය.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, 

“කාර්ය සාධක බලකායේදී විශේෂඥවරුන් ජනාධිපතිතුමා සමග පැවැති සාකච්ඡාවකදී මේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් ගැන පැහැදිලි කළා. එහිදී ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා මේ පිළිබඳව නිර්ණායක හදන්න කියලා. එහෙම කරනවා නම් එම කටයුතු සිදුවිය යුතු ආකාරය ගැන. ඒ නිර්ණායක මේ සති අන්තයේදී සකස් වෙයි. මේකෙන් කියන්නේ ඔක්කොම ගෙදර තියනවා කියන එක නෙමෙයි. මෙහිදී වැදගත් වෙන්නේ කණ්ඩායම් වෙන් කරලා හඳුන ගැනීම. ක්‍රම 3ක් තියෙනවා. කොටසක් රෝහලක් තුළම (බරපතළ අය) ප්‍රතිකාර ගතයුතුයි. තවත් කොටසක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල (බරපතළ නැති) ප්‍රතිකාර ගත යුතුයි. අනෙක් කොටස තමයි කිසිදු රෝගී ලක්ෂණයක් නොමැති වෛද්‍ය උපදෙස් මත සිටීමේ හැකියාව තියෙන අය. දැන් මේක තෝර ගන්න ඕනේ. ඒක තෝරන්නේ වෛද්‍යවරුන්. හැබැයි සමහරුන්ට නිවෙස්වල ඉන්න පහසුකම් නැති තත්ත්වයන් තියෙනවා. ඔවුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34