spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසකට ඇතුළු වී කඩු සෙල්ලම් දැමූ එස්.අයිට ඇප

කඩුවක් රැගෙන නිවසකට ඇතුළු වී නිවෙස් හිමියන්ට තර්ජනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා ඊයේ (02) නියෝග කර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මන්නාරම පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

54 හැවිරිදි ඔහු ලෝකාහෙට්ටිය – පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (02) පෙරවරුවේ කඩුවක් ද අතැතිව නිවසට ඇතුළු වූ මෙම උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට මරණීය තර්ජනය කළ බව ලෝකාහෙට්ටිය – පනාගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ, අනුවයි කටුපොත පොලීසිය විසින් සැකකරුව ඊයේ (02) දිනයේ දීම අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?