AFC Banner
Empty Ad
Empty Ad

නිරුවත් මළ සිරුරක් ලඳු කැලෑවකින් හමුවෙයි

කඩුවෙල වැවපාර ආසන්නයේ ලඳු කැලෑවක් තුළ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවූ වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 30 ත් 40ත් අතර වයසක පසුවන්නෙක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම පුද්ගලයාගේ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ සැකකළ හැකි සලකුණු දකින්නට ලැබෙන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.

මළසිරුර ආසන්නයේ තිබී ජංගම දුරකථන දෙකක් ද සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
1
+1
4
+1
19
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?