මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව නීතිපති උපදෙස් පිළිබඳව විමසීම සඳහා මෙම නඩුකරය පෙබරවාරි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියම කළා.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් එන්. ආර් කන්සල්ටන්සි නමැති සමාගමක රුපියල් මිලියන 15ක පමණ මුදලක් යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
