වැලිසර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුගේ ඇප ඉල්ලීම් සහ තවත් විත්තිකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු විසින් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය විසින් අද (29) ප්රතික්ෂේප කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.
තම අධිකරණය විසින් දුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබෙන බැවින් මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බවයි විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේ.
