නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින සාක්ෂි විශ්වාසදායක නැති බවත්, සිදුව ඇති අසාධාරණයට සාධාරණයක් ඉටු කර ගැනීම උදෙසා ජාත්‍යන්තර හමුවට යන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා.

සාගර කාරියවසම් ඇතුළු පිරිසක් අද (09) දින පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරු බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.

තවදුරටත් අදහස් පළ කළ සාගර කාරීයවසම් කියා සිටියේ, විදේශගත පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්මත පමණක් පදනම් කර ගනිමින් මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇප නොදි රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන පළිගැනීමක් වශයෙන් දකිනා බැවින් මේ සම්බන්ධයෙන් විදේශ රටවලට මෙන්ම ජාත්යන්තරයට පැමිණිලි කොට සාධාරණයක් ඉටුකර ගැනීමට පියවර ගන්නා බවයි.

ඊට ප්‍රථමයෙන් ඉදිරි පියවර සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැ දැක උන්වහන්සේලා දැනුවත් කිරීමට පියවර ගත් බව සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27