Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නව ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම දීමනාව ගෙවීම නොවැම්බර් 27 සිට

අලුතින් හඳුනාගත් ප්‍රතිලාභීන් සඳහා අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් නොවැම්බර් 27 වන දින ආරම්භ වන බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

නව ප්‍රතිලාභීන් ලැයිස්තුව සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය අදින් අවසන් වන බවයි එම මණ්ඩලය පවසන්නේ.

සංශෝධිත ලැයිස්තුව යටතේ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතිනවා.

ප්‍රාදේශීය ලේකම්වරුන් අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීම ආරම්භ කරන බවත්, එම ක්‍රියාවලිය සඳහා මාසයක් වෙන් කර ඇති බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.