නව තරුණ ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතිය ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්

නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ 2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ද ඇතුළත් කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

පෙත්සම අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පැවසුවේ, තරුණ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන නීති සංශෝධන සිදු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම මේ වන විට භාරගෙන තිබෙන නාම යෝජනා අවලංගු කරමින් නව නාම යෝජනා භාර ගැනීමට හැකි වන පරිදි එම නීති සංශෝධනය කරන ලෙසට ද අමාත්‍ය මණ්ඩලය විසින් උපදෙස් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

ඒ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේ, මෙම කරුණ සම්බන්ධව සුවිශේෂී මහජන අවධානයක් එල්ල වී තිබෙන බැවින් සෑම පුද්ගලයකුටම මෙම නඩුකරයට මැදිහත් වීමට හැකි වන අන්දමින් දැනුවත්භාවය ලබා ගැනීම පිණිස භාෂා තුනෙන්ම පුවත්පත්වල මේ පිළිබඳ තොරතුරු පළ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන බව ද දැනුම් දුන් විනිසුරු මඬුල්ල පෙත්සම ජනවාරි මස 29 වැනිදා කැඳවීමට දින නියම කළා.

දේශවිමුක්ති ජනතා පක්ෂයේ සාමාජික නිහාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51