නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව අද (23) වන දින සිට දෙසැම්බර් 01 වැනි දින දක්වා විවිධ කාලසීමාවන් තුළදී ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීමේ මාර්ග තාවකාලිකව වසා තැබීමට නියමිත බවයි එම අධිකාරිය පවසන්නේ.,
එලෙස තාවකාලිකව වසා තැබීම සම්බන්ධ වැඩිදුර විස්තර පහතින්.

