නයෙක් එක්ක සෙල්ලම් දැමූ තරුණයෙක් අකාලයේ මරු වැළඳගනී (වීඩියෝ)

සමාජ මාධ්‍ය වීඩියෝවක් සඳහා නාගයෙක් මුඛයේ තබාගැනීමට උත්සාහ කළ තරුණයෙක් එම නාගයා දෂ්ට කිරීමෙන් මියගොස් තිබෙනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ කමරෙඩි ප්‍රදේශයෙන් මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

23 හැවිරිදි වියේ පසු වූ ශිව්රාජ් නැමැති තරුණයෙක් මෙලෙස අවාසනාවත්න ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ශිව්රාජ් සහ ඔහුගේ පියා සර්පයින් ඇල්ලීම ජීවිකාව ලෙස කරගෙන ගොස් ඇති අතර, දෙදෙනා විසින් අල්ලා ගත් විශාල නාගයෙක් සමඟ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට වීඩියෝවක් ලබාගැනීමට යාමේ දී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

එහිදී අදාළ තරුණයා නාගයා තම මුඛයේ රඳවාගෙන සිටින අතර තුර ඔහුගේ පියා විසින් එය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර තිබෙනවා.

එම අවස්ථාවේ දී මුඛයේ රඳවාගෙන නාගයා තරුණයාට දෂ්ටකර ඇති බවයි වාර්තා වන්නේ.

නාගයා දෂ්ට කිරීමෙන් පසු තරුණයා රෝහල් ගත කළත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබී නැහැ.

අදාළ වීඩියෝව පහතින්..