Empty Ad
AFC Banner
Empty Ad

නඩු දෙකකට සල්ලි හොයන්න හිටපු හමුදා සෙබළා කතක් මරා ගෙයක් කොල්ලකාලා

නිවසකට පැන එම නිවසේ සිටි කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුරට ගිනි තබා මුදල් සහ දේපළ සොරාගත සැකකරුවෙක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (08) දිනයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, තලගොල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කළ වයස අවුරුදු 39ක අයෙක්.

සැකකරු පසුගිය 05 වනදා පස්වරුවේ සොරකමක් සඳහා තලගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසට වහළයෙන් ඇතුළු වී තිබෙනවා.

එම අවස්ථාවේ දී නිවසේ සිටි කාන්තාවක් ඔහු දැකීමෙන් බියට පත්ව කෑගැසීමට උත්සාහ කරන අවස්ථාවේ දී ඇයගේ ගෙළ මිරිකා නිහඬකර පිහියකින් ගෙළ කපා ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම කාන්තාවගේ සිරුරේ ඇති ඇඟිලි සලකුණු ඉවත් කර සාක්ෂි වසන් කිරීමට නිවසේ තිබූ රෙදි කැබළි, කඩදාසි කොළ එකතුකර සිරුර මත අතුරා ඊට ගිනි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රාගම, තලගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තවක් වන අතර, සිද්ධිය සිදුවන් අවස්ථාවේ ඇයගේ සැමියා සහ පුත්‍රයා නිවසේ සිට නැහැ.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහුට එරෙහිව කුලියාපිටිය මහාධිකරණයේ සහ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩු කටයුතු සදහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මොහු සොරකම් සඳහා මෙම නිවසට ඇතුළු වී ඇති බවයි විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?