Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ධාවනය වෙමින් තිබූ බසයක් මතට ගලක් පෙරළී මගියෙක් ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට ගලක් පෙරළී එහි ගමන් කළ මගියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කදු මුදුනක සිට ගලක් පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ මගියා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

අද (28) පස්වරු 2:30ට පමණ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළ අසලදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචිව සිටි මුත්තන් සුදර්ශන් නැමති 35 හැවිරිදි තරුණයෙක්.