spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දේශපාලන බලයට කනේ වැලි ගෑවෙන්න නීතිය නවන දිවුලපිටිය පොලිසිය – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා ගොන්නක්

දිවුලපිටිය පින්නකැලේවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු කෑම පාර්සලයක් ලබාගැනීමට ගිය අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර තිබෙනවා.

මෙලෙස පහරදීම සිදුකර තිබෙන්නේ ඔවුන්ගේම අසල්වැසියෙකු බවයි වාර්තා වන්නේ.

දිවුලපිටිය ප්‍රදේශීය සභාවේ සේවය කරන පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔහු විසින් කසිප්පු බෙදාහැරීමක් සිදුකරන බවත් ඒ පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීමක් සිදුකර ඇති බවට ඇති සැකයක් හේතුවෙන් ඔහු මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකළ පුද්ගලයාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසියට හැකිවී නැහැ..

ඉහළ දේශපාලන බලපෑම් හේතුවෙන් මෙලෙස අදාල පුද්ගලයාව අත්අඩංගුවට නොගන්නා බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ..

එක රටක් එක නීතියක් සංකල්පයක් පවතින මොහොතක දේශපාලකයා ඉදිරියේ හිස සහ කොන්ද පාත් වෙන පොලිස් නිලධාරීන්ගෙන් නීතියේ පිළිසරක් බලාපොරොත්තු විය නොහැකි බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස වන්නේ.

මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳද පොලිස් සේවයේ රාජකාරී කරන බවත් එසේ තිබියදී පවා දේශපාලන බලපුළුවන්කාරකම් මත ඔහුව අත්අඩංගුවට නොගන්නා බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා..

පහරදීම සිදුකළ පුද්ගලයා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ වාහන භාවිත කරමින්ද නීතිවිරෝධී ජාවාරම් සිදුකරන බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කරනවා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?