දෙවැනි දිනයේ පළමු අර්ධයේ දී පාකිස්තානය ලකුණු 419/6 යි

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවට සමගාමීව පැවැත්වෙන පාකිස්තානයේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරයේ පළමු තරගයේ දෙවැනි දිනය අද (08) යි.

තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය විසින් දරනු ලබන අතර පළමු තරගය මුල්තාන් නුවර දී පැවැත්වෙනවා.

ඊයේ (07) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට හිමි වූ අතර ඔවුන් පළමු ව ලකුණු රැස් කිරීමට තීරණය කළා.

ඒ අනුව ඊයේ දිනය නිමාවන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 328ක් ලබාගෙන සිටියා.

ඊයේ දිනයේ දී මුල් පෙළ පිතිකරුවන් දෙදෙනකු ම සිය ටෙස්ට් දිවියේ 05 වැනි ශතක වාර්තා කිරීමට සමත් වූ අතර; ඒ පිළිවෙළින් අබ්දුල්ලාහ් ශාෆිකි සහ නායක ශාන් මසූඩ්.

අද දිනයේ දී දහවල් ආහාරයට තරගය නතර කිරීමට පෙර කඩුලු 02ක් පාකිස්තානයේ බිඳ වැටුණා.

එංගලන්තයේ පන්දු බලඇණියේ අද උදෑසන කඩුලු දඩයමට හසුවූයේ ලකුණු 33ක් අතැතිව සිටි නසීම් ෂා සහ කිසිදු ලකුණක් නොලබා සිටි මොහොමඩ් රිස්වානුයි.

මේ වනවිට පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 419ක් ලබා සිටිනවා.

සෞද් ශකීල් නොදැවී ලකුණු 70යි.

ශකීල් තමන් සහභාගී ටෙස්ට් තරග 13ක දී අඛණ්ඩව අර්ධ ශතක 07ක් ලබා ගැනීමට සමත් වීම ද මෙහි විශේෂත්වයක්.

සල්මන් අගා නොදැවී ලකුණු 15ක් ලබා 07 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටිනවා.

අද උදෑසන බිඳ දැමූ කඩුලු ද්විත්වය බ්‍රයිඩන් කාර්ස් හා ජැක් ලීච් හට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?