දෙවැනි ටෙස්ට් තරගයේ දී මුල් පෙළ පිතිකරුවන්ගෙන් ද්විත්ව ශතකයක සබඳතාවක්

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවසන් භාගය වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය ලකුණු පුවරුවෙන් ශක්තිමත් ස්ථානයකට පැමිණ තිබෙනවා.

අද (29) තරගය චැතග්‍රාම් හිදී ආරම්භ වූයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට පිරිනමමින්.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ ඒඩින් මාක්‍රම් සහ ටොනි ද සොර්සි යි.

දෙදෙනා අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුණා.

එම සබඳතාව බිඳ වැටුණේ නායක මාක්‍රම් ලකුණු 33කට ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගින්.

ඉන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ට්‍රිස්ටන් ස්ට්‍රබ්ස් ක්‍රමයෙන් ලකුණු අතරට පිවිසුණේ අනෙක් අන්තයේ සිටි ටොනී සමගින් ශක්තිමත් ලකුණු පුවරුවකට මූලික අත්තිවාරම දමමින්.

ටොනී සහ ස්ට්‍රබ්ස් දෙදෙනාම ටෙස්ට් ශතක ලබාගත් අතර 201ක් ලෙස දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගී තිබුණ සබඳතාව ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට ලකුණු 106ක් ලබා සිටි ස්ට්‍රබ්ස් දැවී යාමත් සමගයි.

මේ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවීමට තවත් හෝරාවකටත් අඩු කාලයක් පවතින විට කඩුලු 02ක් දැවී ලකුණු 307ක් ලබාගෙන සිටිනවා.

ටොනී නොදැවී ලකුණු 141ක් සහ ඩේවිඩ් බෙඩින්ග්හැම් නොදැවී ලකුණු 18ක් ලබා සිටිනවා.

හෙට (30) තරගයේ දෙවැනි දිනයයි.

අද දිනයේ බංග්ලාදේශය වෙනුවෙන් බිඳ දැමූ කඩුලු දෙකෙහිම අයිතිකාරයා ටයිජුල් ඉස්ලාම්.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය හිමි වුණේ දකුණු අප්‍රිකාවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46