දෙදරු පියෙක්ගේ මළ සිරුරක් ඇළකින් හමුවෙයි

හිනිදුම, දකුණ ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (07) දින අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හිනිදුම දකුණ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි දෙදරු පියෙක්.

ඊයේ (07) දින රාත්‍රී සාදයකට ගොස් එමින් සිටියදී එම පුද්ගලයා මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා.

නානවල ඇළේ තිබී සිරුර හමුවී ඇති අතර දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරික්ෂණ උඩුගම වැඩබලන මහෙස්ත්‍රාත් හේමන්ත විතාරන මහතා විසින් සිදු කෙරුණා.

ඒ අනුව සිරුර වෛද්‍ය පරික්ෂණ සඳහා උඩුගම රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.