AFC Banner
Empty Ad
Empty Ad

දෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයේ තිබී සොයා ගැනේ

අතුරුදන් ව සිටි දෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයෙන් හමු වී තිබෙනවා.

මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ අද පෙරවරුවේදී බවයි හැටන් පොලිසිය පැවසුවේ.

කාසල් රී ජලාශය ගලා බසිනා ප්‍රජා ශාලාව අසල තිබියි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ හැටන් – දික්ඔය සමරවල්ලි ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ.ජයතිස්ස නම් වූ 53 හැවිරිදි අයෙක්.

බිරිඳගෙන් වෙන් වී තනිව ජීවත් වන මොහු තදින් මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත්; එදින සවස ද ඔහු මත්පැන් පානයට නිවසින් පිටව ගිය බවත් නිවසේ මරණකරුගේ ඥාතීන් පවසා තිබෙනවා.

නිවැසියා යළිත් නිවසට නො ආ හෙයින් ඒ පිළිබඳ ව ගෙහිමියන් හැටන් පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කාසල්රී ජලාශයේ තිබී හමු වු මෙම මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?