spot_imgspot_img

දුම්රිය පා පුවරුවේ ගිය අයෙකු ආලෝක සංඥා කණුවක ගැටී බරපතළ තුවාල

දුම්රිය පාපුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කණුවක ගැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ අද පස්වරුවේ මරදාන සිට හික්කඩුව බලා ගමන්ගත් දුම්රියේ සිටි අයෙකු මෙම අනතුරට ලක්වී ඇති බවයි.

දුම්රිය පාපුවරුවේ ගමන් කළ ඔහු කළුතර උතුර සහ කළුතර දකුණ දුම්රිය ස්ථාන අතර කළුතර උතුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි ආලෝක සංඥා කුළුනේ ගැටී අනතුරට ලක්වී තිබෙනවා.

දුම්රිය මැදිරි තුල ඒ වන විට අධික මගීන් පිරිසක් සිට ඇතැයි සඳහන්.

පාපුවරුවේ එල්ලී සිටී පුද්ගලයා ආලෝක සංඥා කුළුනේ ගැටීමත් සමග දුම්රියෙන් ඉවතට විසිවී මීටර් 30ක් පමණ දුරකින් වැටී තිබෙනවා.

ආලෝක සංඥා කුළුනට ද හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
8
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?