දුම්රියෙන් ඇද වැටී තරුණ ජීවිතයක් අකාලයේ අහිමි වෙයි (ඡායාරූප)

බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට මාතර දුම්රිය ස්ථානයේ දී ගොඩවීමට උත්සාහ කළ තරුණයෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ මාතර – දික්වැල්ල ප්‍රදේශයේ තරුණයෙක් බවයි වාර්තා වුණේ.

අදාල තරුණයා රැකියාව නිම වී යළි නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දුම්රියේ ඇද වැටීමෙන් පසු දුම්රිය සහ දුම්රිය වේදිකාව අතර සිරව සිටි මෙම තරුණයා බේරා ගැනීමට එහි සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දරා ඇති නමුත් එය ව්‍යර්ථ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

286701787 1937589886424904 7220872032888551045 n
287287382 1937589939758232 983069242493048532 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
6
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?