දිවුලපිටිය, කුඩගම්මන ප්‍රදේශයේ වත්තක බාගෙට කැපු වළක තිබී මළසිරුරක් සොයාගැනීමට හැකිව තිබෙනවා.
එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව දිවුලපිටිය පොලිස් ස්ථානයට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර, එය මීට දින ගණනාවකට පෙර මියගොස් ඇතිඅයෙකුගේ බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
මේ අතර අද පෙරවරුවේ මෙම මළ සිරුර තිබූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ මළ සිරුර එම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බවයි දිවුලපිටිය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දිවුලපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.













