දියණියගේ දිවි රැකගන්න වල් ඌරෙකු සමඟ සටන් කළ මව ජීවිතය හැරයයි

සිය 11 හැවිරිදි දියණිය බේරාගැනීම සඳහා වල් ඌරෙකු සමඟ සටන් කළ මවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ කෝර්බා ප්‍රදේශයේ දී ඊයේ (26) මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, මිය ගිය කාන්තාව 45 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.

දුවාෂියා බායි නමැති මෙම කාන්තාව සහ ඇගේ දියණිය පස් රැගෙන ඒම සඳහා අසල පිහිටි ගොවිපළකට ගිය අවස්ථාවේ දී දැරියට වල් ඌරෙකු පහරදීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී ඇයගේ මව සත්ත්වයා සමඟ පොරබදා දැරියගේ ජීවිතය රැක ගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එහිදී අදාළ කාන්තාව වල් ඌරා සමඟ කළ සටනින් පසු බරපතළ තුවාල ලබා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, පසුව කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
4
හම්මෝ !
6
මාර දුකයි !
132
මලපනිනව !
6
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?